×

Search News

LATEST NEWS

දිස්ත්‍රික්ක 6කට නායයෑම් රතු නිවේදන

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 6ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නවතම නිවේදනයක මේ බව සඳහන් කරනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය - බදුල්ල, ⁠හපුතලේ, ⁠හාලි ඇල, ⁠කන්දකැටිය, ⁠පස්සර, ⁠මීගහකිවුල, ⁠ඌව පරණගම, ⁠වැලිමඩ, ⁠ලුණුගල, ⁠⁠ඇල්ල, බණ්ඩාරවෙල, ⁠සොරණාතොට සහ ⁠හල්දුම්මුල්ල

මහනුවර දිස්ත්‍රික්කය - උඩපලාත, ⁠ගඟවට කෝරළය, උඩුදුම්බර, ⁠දොළුව, ⁠මිණිපෙ, ⁠පාතහේවාහැට, ⁠මැදදුම්බර, ⁠දෙල්තොට, ⁠අකුරණ, ⁠ගඟ ඉහළ කෝරළය, ⁠පාතදුම්බර, ⁠යටිනුවර, ⁠තුම්පනේ, ⁠උඩුනුවර, හාරිස්පත්තුව,⁠පූජාපිටිය,⁠පස්බාගෙ කෝරළය,⁠පන්විල, ⁠හතරලියද්ද සහ ⁠කුණ්ඩසාලේ

කෑගල්ල දිස්ත්‍රික්කය - මාවනැල්ල, රඹුක්කන,⁠ අරණායක,⁠ බුලත්කොහුපිටිය,⁠ ගලිගමුව,⁠ කෑගල්ල,⁠ යටියන්තොට,⁠ දෙහිඹ්විට,⁠ රුවන්වැල්ල,⁠ වරකාපොළ සහ ⁠දැරණියගල

කුරුණෑගල දිස්ත්‍රික්කය - රිදීගම,⁠මාවතගම,⁠මල්ලවපිටිය,⁠නාරම්මල,⁠අලව්ව සහ ⁠පොල්ගහවෙල

මාතලේ දිස්ත්‍රික්කය - නාඋල, ⁠රත්තොට, ⁠අඹන්ගග කෝරළය, ⁠උකුවෙල, ⁠විල්ගමුව, ⁠යටවත්ත, ⁠මාතලේ, ⁠පල්ලෙපොල සහ ⁠ලග්ගල-පල්ලේගම

නුවරඑළිය දිස්ත්‍රික්කය - වලපනේ, ⁠හගුරන්කෙත,⁠ නිල්දණ්ඩාහින්න,⁠ මතුරට, ⁠නුවරඑළිය,⁠ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර,⁠ අඹගමුව,⁠ තලවකැලේ සහ ⁠නෝර්වුඩ්

මේ අතර අනතුරු ඇඟවීමේ මට්ටම 1 - මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය:
- පාදුක්ක
- ⁠සීතාවක

ගම්පහ දිස්ත්‍රික්කය:
- අත්තනගල්ල

රත්නපුර දිස්ත්‍රික්කය:
- කිරිඇල්ල
- ⁠රත්නපුර
- ⁠ඇහැළියගොඩ
- ⁠කුරුවිට
- ⁠කොලොන්න
- ⁠ඇලපාත
- ⁠අයගම
- ⁠බලංගොඩ
- ⁠කලවාන
- ⁠ඉඹුල්පෙ
- ⁠කහවත්ත
- ⁠නිවිතිගල
- ⁠ඹ්පනායක
- ⁠ගොඩකවෙල
- ⁠පැල්මඩුල්ල

Previous Article Next Article