×

Search News

LATEST NEWS

දිස්ත්‍රික්ක 5කට නායයෑම් රතු නිවේදන

දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

අද (05) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

මේ අනුව දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අවධානම් නිවේදනය නිකුත් කර තිබෙනවා.

පසුගිය පැය 24 තුළ මී. මී. 150ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අනතුරුවලින් ඉවත්ව ආරක්‍ෂිත ස්ථානයකට යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදනය මඟින් දැනුම් දී ඇති බව සඳහන්.

Previous Article Next Article