×

Search News

LATEST NEWS

වහාම පාර්ලිමේන්තු කැඳවන ලෙස ඉල්ලා නාමල්ගෙන් අග්‍රාමාත්‍යවරියට ලිපියක්

ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් නියෝජිතයාගේ වගකීම ඉටු කිරීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ පාර්ලිමේන්තුව කැඳවන මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වයෙන් රටේ දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසකගේ ජීවිත මෙන්ම දේපල හානි ද සිදුවූ බව ඒ මහතා එම ලිපියේ දක්වා ඇති බව සඳහන්.

එම ලිපියේ දැක්වෙන්නේ ඉන් ජන ජීවිතවලට මෙන්ම රටේ ආර්ථිකයට ද බරපතළ හානි සිදු බවත් එය අදටත් නිශ්චිතව ගණනය කළ නොහැකි බවත්ය.

තවද මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක මහජන නියෝජිතයින් වශයෙන් ඉතා ඉක්මණින් වගකීම් සහගතව මැදිහත් විය යුතු බවද ඔහු සඳහන් කරනවා.

එම ලිපියේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ජන ජීවිතය සෑම අංශයකින්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුව මීට වඩා විධිමත්ව මැදිහත් විය යුතු බවයි.

Previous Article Next Article