×

Search News

LATEST NEWS

සුළි කුණාටුව ගැන තොරතුරු සඟවාගෙන හිටියාට විපක්ෂයට නඩු දාන්න ඕනෑ

සුළි කුණාටුවක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව කිසිඳු ලෙසකින් අනතුරු ඇඟවීමේ නිකුත් කර නොතිබූණු බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය 7 වනදා ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“සුළි කුණාටුවක් පිළිබඳව කිසිදු ලෙසක අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එහෙම අනතුරු හඟවලා නෑ. ඒක තමයි ඇත්ත තත්වය. ඉතින් අපි කියන්නෙ නඩු දාන්න. අපි බලමු නඩුවෙදී එතකොට කොහොමද වෙන්නෙ කියලා.

ඔය විපක්ෂයේ මහත්තුරු කියනවානෙ 12 වෙනිදා අනතුරු හැඟෙව්වා කියලා. දැන් 12 ඉඳලා 26 වෙනකල් කිසි කෙනෙක් පාර්ලිමේන්තුව ඇතුළෙ එක වචනයක් කතා කළේ නෑ. එහෙම අනතුරක් වෙනවා කියලා දැන දැන ඇයි සද්ද නැතිව හිටියෙ ? නඩු දාන්න ඕනෙ ආණ්ඩුවට නෙවෙයි විපක්ෂයට. ඇයි විපක්ෂය තමයි මේක දැනගෙන 12 වෙනිදා ඉඳලා 26 වෙනකල් මේක සඟවාගෙන හිටියෙ”

Previous Article Next Article