×

Search News

LATEST NEWS

අනවසර ඉදිකිරීම් නිසා කොළඹ යට වෙනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

පෞද්ගලික අවශ්‍යතා මත අනවසර ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් කොළඹ නගරය ජලයෙන් යට වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවට එක්වෙමින්.

"කොළඹ දිස්ත්‍රික්කය තුළ හරි සැලසුම් නැතුව එක එක දේශපාලන න්‍යාය පත්‍ර මත, අතිශ්‍යයින්ම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර තුළ ගත්තු තීරණ නිසා තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මේ විදියට අවදානම් තත්ත්වයකට මුහුණදීලා තියෙන්නේ කියන එක ඉතාම පැහැදිලියි. 

ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු විදියට මින් ඉදිරියට මේ විදියට අනවසර ඉදිකිරීම් ඒ වගේම අවදානම් සහිත තැන්වල මේ විදියට ජනතාවට ඉදිකිරීම් කරන්න මෙවැනි තත්ත්වයන්වලට කිසිසේත්ම ඉඩතියන්නේ නෑ කියන එක අපි තහවුරු කළා. කොළඹ දිස්ත්‍රික්කය තුළ අවදානම් සහිත ප්‍රදේශවල ඉන්න ජනතාවට විකල්පයන් ගත යුතුයි කියලා අපි සාකච්ඡා කළා.

අපිට සැලසුමක් නැතිව නීතිරීති ගැන කිසිම තක්සේරුවක් නැතුව කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කියන නාමයෙන් අනවසර ඉදිකිරීම් කරන්නත් ජනාවාස හදන්නත් ඉඩදෙන්න බෑ. 

ඒ නිසා කොළඹ ජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන විදියට, කොළඹ ජනතාවට වාර්ෂිකව ගංවතුර ජීවිතේ කොටසක් වෙන විදියට පත්වෙන්න තත්ත්වයකට අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ. 

ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ ආයතන එක්ක අපි කතා කළේ. ඒ අනුව අපි යෝජනා කරලා තියෙනවා සියලුම ආයතන එකතු වෙලා කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට පොදු සැලැස්මක් ඉදිරිපත් කරලා ඒ අනුව ක්‍රියාත්මක වෙනවා."

Previous Article Next Article