×

Search News

LATEST NEWS

දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා

පාර්ලිමේන්තුවේ රැකියාවට පැමිණි උපාධිධාරීන් කිහිප දෙනෙක් පැමිණි සැණින් වෙනත් රැකියා සොයාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු නිලධාරීන් පුරප්පාඩු වෙනුවෙන් උපාධිධාරීහු පිරිසක් තරඟ විභාගවලින් පසුව පසුගියදා බඳවා ගනු ලැබුවා.

මෙලෙස වෙනත් රැකියා සොයාගෙන ගොස් ඇත්තේ ඉන් කිහිපදෙනෙකි.

පාර්ලිමේන්තු සේවක පහසුකම් සහ වරප්‍රසාද අඩු බව සඳහන් කරමින් ඔවුන් මෙසේ සේවයෙන් ඉවත් ගොස් තිබෙන බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

මේ වන විට පාර්ලිමේන්තු කාලයක් තිස්සේ ලැබුණු හිලව් නිවාඩු දීමනාව ඇතුළු තවත් දීමනාද නතර කර ඇති බව සඳහන්.

Previous Article Next Article