×

Search News

LATEST NEWS

ආපදාවේ බලපෑමෙන් සහල් හිගයක් ඇති වෙන්නේ නෑ - අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත

ආපදා තත්ත්වයත් සමඟ ඉදිරියේ දී රට තුළ සහල් හිඟයක් මතුවීමේ කිසිඳු ඉඩක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.

ගල්නෑව ප්‍රදේශයේ කුඹුරු නැවත අස්වැද්දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇතැම් අවස්ථාවල සහල් ආනයනය කිරීමට සිදුවූයේ ඇතැම් සහල් වර්ග වගා කිරීමේ ප්‍රමාණයන්හි වෙනස්කම් හේතුවෙන් බවයි.

ඉදිරි කන්නයේ වගා කරන නාඩු හැරුණු විට වෙනස් අස්වනු සඳහා වැඩි මිලක් ලබාදීම පිළිබඳව අවධානය යොමු ඇති බවද ඔහු පවසනවා.

''යළි නැගී සිටීම ගැන දැවැන්තම අත්දැකීම තියෙන්නේ ගොවි ජනතාවට.. 

ගොවි ජනතාවට මේ වෙච්ච විනාශයේදීත් නැවත නැගී සිටීම ගැන කිසිම සැකයක් ඇත්තේ නෑ.. මේ විනාශය වෙච්ච ගමන් අපේ හිතට එකපාර ආවේ ගොවියෝ වගා කරනවා ප්‍රශ්නයක් නෑ හැබැයි බිත්තර වී ප්‍රශ්නයක් එන්න පුලුවන් කියලා.. හැබැයි බිත්තර වී ගැන කොහෙවත් සාකච්ඡාවක් ඇත්තේම නෑ.. 

ඒ නිසා කවුරු හ‍රි හිතන් ඉන්නවා නම්  ඉදිරියේ දී සහල් ප්‍රශ්නයක් එයි කියලා එහෙම ප්‍රශ්නයක් නෑ..වගා කරන ප්‍රමාණයක්ගේ වෙනස්කම් නිසා සමහර වර්ග රටින් ගේන්න වෙලා තියෙනවා..පහුගිය දිනවල අපි කිරීසම්බා යම් ප්‍රමාණයක් ගෙන්නුවා. 

ඒ ගේන්න වෙලා තියෙන්නේ කිරී සම්බා වගා කරන ප්‍රමාණයේ අඩුවක් නිසා මිස සහලින් රටේ හිඟයක් තියෙන නිසා නෙමේ''

Previous Article Next Article