×

Search News

LATEST NEWS

අශෝක රන්වලගේ වෛද්‍ය වාර්තාව තවම ලැබිලා නෑ - පොලීසිය

රිය අනතුරට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තා මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බව වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසන්නේ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසුව මන්ත්‍රීවරයා පිළිබඳව ගනු ලබන ඉදිරි නීතිමය පියවර ගන්නා බවයි.

පසුගිය 11 වනදා රාත්‍රියේ මන්ත්‍රීවරයා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුවුණා.

එම අනතුරින් මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙක් තුවාල ලැබුවා.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් අතර මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කළා.

Previous Article Next Article