තරංගව ඉවතට - ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති ධුරයට පරණ මුහුණක් එයි
උපුල් තරංග සභාපතිධූරය දැරූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කර නව තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
නව කමිටුවේ සභාපතිධූරය හිටපු තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.
පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස ඉන්දික දි සේරම්, විනෝතන් ජෝන්, රසංජලී ද අල්විස් සහ තරංග පරණවිතාන නම් කොට තිබීම විශේෂත්වයකි.
මීට පෙර ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ 2023 ලෝක කුසලාන කාල සීමාව තුළ සභාපති තනතුර හෙබවූ අතර 2023 වසරේ දෙසැම්බර් මස සංවේදී ලිපියකින් අනතුරුව ඉල්ලා අස්වීමට තීරණය කළා
මෙම ලිපියේදී ක්‍රීඩක කළමණාකරුවන්ව සහ ක්‍රිකට් ආයතනයෙන් අයුතු ලාභ ගන්නා කිහිපදෙනෙකු පිළිබඳවද සටහන් කර තිබුණා.