ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයා වෙත පිළිගන්වයි
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත ඊයේ (16) පිළිගන්වා තිබෙනවා.
විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අමාත්‍යවරයා නිර්දේශයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව මඟින් සකස් කරන ලද ප්‍රතිපත්ති කෙටුම්පත මෙලෙස අමාත්‍යවරයා වෙත පිළිගන්වා ඇති බව සඳහන්.
2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කර තිබෙනවා.
ඉදිරියේ දී මෙම ප්‍රතිපත්ති කෙටුම්පත මහජන අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියට ද යොමු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
ඉන් අනතුරුව ජාතික විදුලි ප්‍රතිපත්තිය ලෙස සම්මත කර ගැනීමට නියමිතයි.