×

Search News

LATEST NEWS

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කරයි

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ගොවි විශ්‍රාම වැටුප්ලාභීන් සඳහා දෙසැම්බර් මාසය පුරාම වැඩකරන දිනයන්හි අදාළ තැපැල් කාර්යාල හෝ උප තැපැල් කාර්යාල මඟින් ලබාගත හැකි බවයි.

ගොවි විශ්‍රාම වැටුප් සෑම මසකම 9 වන දින සිට 15 වන දින දක්වා ලබාදෙනු ඇති.

ආපදා තත්ත්වය හේතුවෙන් තැපැල් කාර්යාල වෙත ළඟා වීමේ ගමන් මාර්ග විනාශ වීම හේතුවෙන් සිදුවන ගමනාගමන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

දැනට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන ගොවීන් ගණන 178753 ක් වන අතර ධීවර විශ්‍රාම වැටුප්ලාභීන් ගණන 6312කි.

දෙසැම්බර් මස විශ්‍රාම වැටුප් සඳහා රුපියල් මිලියන 413ක් වැය කරනු ලබන බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම්දෙනවා.

Previous Article Next Article