×

Search News

LATEST NEWS

ජනපති සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් කොළඹට කැඳවයි

සියලු දිස්ත්‍රික් ලේකම්වරු ලබන සෙනසුරාදා කොළඹට කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තීරණය කර තිබෙනවා.

ආපදාවට ලක්වූ ජනතාවට කඩිනමින් සහන සැලසීමේ ක්‍රියාවලිය පිළිබඳව සමාලෝචනය සහ දැනට මතුව ඇති ප්‍රයෝගික ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්.

ආපදාවට පත් ජනතාවට සහන සැලසීම, නැවත පදිංචි කිරීම, ජීවනෝපාය මාර්ග ගොඩනගා ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් දියත් කර ඇති රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රීය කිරීමේ ප්‍රධාන වගකීම දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රධාන වගකීම පැවරී තිබෙනවා.

මෙම වැඩපිළිවෙල ප්‍රයෝගික ක්‍රියාත්මක කිරීමේ දී මතුවන ගැටළු ගණනාවක ඇති බවත් ගංවතුරට හසුවූ නිවාස පවිත්‍ර කර ගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 25000 දීමනාව ලබාදීමේ දී ගැටළු මතුව ඇති බවත් මේ වන විට හෙළිව ඇති බව සඳහන්.

දත්ත රැස් කිරීමේ දී සහ යාවත්කාලීන කිරීමේදී ගැටළු මතුව ඇති බැවින් එම කටයුතු සඳහා විධිමත් ක්‍රියාවලියක අවශ්‍යතාවයද ජනාධිපතිවරයාගේ අවධානයට යොමුව තිබෙනවා.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා විසින් සෘජුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ලබන සෙනසුරාදා ප්‍රශ්න කිරීමට නියමිතයි.

Previous Article Next Article