×

Search News

LATEST NEWS

වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සැකපිට පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

සීප්පුකුලම ප්‍රදේශයේ දී පිලිස්සීමෙන් මියගිය වනඅලියා සම්බන්ධව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට මිහින්තලය පොලීසිය සමත්ව තිබෙනවා.

අදාළ වන අලියා ගින්නෙන් පුළුස්සා හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වී තිබුණා.

මෙලෙස හිංසාවට ලක්වූ වන අලියා මිහින්තලය පොලීස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ දී මියගොස් සිටියා.

වනඅලියා මියයෑම සම්බන්ධව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය හා පිලිස්සීමෙන් භීතයට පත්වීම යන කරුණු හේතුවෙන් මරණයට පත්ව ඇති බවට මේ වන විට නිගමනය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (17) දින සවස මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියාට ගිනි තබා සත්ත්ව හිංසාව සිදුකිරීමේ වරදට මිහින්තලය පොලීසියේ නිලධාරීන් විසින් අවුරුදු 42, 48 සහ 50 යන වයස්වල එම ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (18) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Previous Article Next Article