×

Search News

LATEST NEWS

ඩොලර් මිලියන 206ක හදිසි මූල්‍ය සහාය ලබාදීමට IMF අනුමැතිය

කඩිනම් මුල්‍ය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිය එකඟතාවය පළකර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධව සලකා බැලීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (19) රැස්වුණා.

එහිදී මෙලෙස අදාළ මුල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් අනතුරුව පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මුල්‍ය පහසුකම් ලබාදෙන ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

මේ අනුව එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මුල්‍ය පහසුකම ලබාදීමට නියමිතයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය මේ වන විට අවසන් කර තිබෙනවා.

ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණ ද මෙම කඩිනම් මුල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන් එය කල් දමනු ලැබුවා.

මේ අනුව ඒ සම්බන්ධව සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා IMF මෙහෙයුම් කණ්ඩායමක් 2026 මුල් භාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

Previous Article Next Article