×

Search News

LATEST NEWS

රනිල්ගේ නඩුව ගැන විමර්ශනය කරන නිලධාරීන්ට නීතිපතිගෙන් හදිසි කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයක පැවැති තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රුපියල් මිලියන 16.6ක රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට එල්ල චෝදනා සම්බන්ධව විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම හෙට (22) දිනයේ නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

එම සාකච්ඡාවේ මුලික අරමුණ වී ඇත්තේ නඩුවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ අවශ්‍ය උපදෙස් ලබාදීමයි.

මෙම නඩුවේ පවතින සාක්ෂි කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බවද සඳහන්.

CID අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙම රැස්වීම සම්බන්ධීකරණය කර තිබෙනවා.

ඒ සඳහා පොලිස් නිලධාරීන් වන එස්. වෙදමුල්ල සහ නනින්ද හේරත් යන නිලධාරීන් පිරිස ඊට සහභාගී වීමට නියමිතයි.

ඔවුන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් සහ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමාදාරි පියසේන හමුවීමට නියමිත බව සඳහන්.

Previous Article Next Article