ජාජබයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පරදී
ජාතික ජන බලවේගයට බලය හිමිවූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය අද (22) පරාජයට පත්වුණා.
මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමි වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 57ක් හිමි වුණා.
සර්ව ජන බලය මන්ත්‍රීවරු දෙදෙනාගේ ඡන්දය මෙහිදී තීරණාත්මක සාධකයක් වී තිබුණා.
ඒ අනුව වැඩි ඡන්ද 3කින් ජාතික ජන බලවේගය අයවැය පරාජය වුණා.