×

Search News

LATEST NEWS

ඉන්දීය විදේශ ඇමති දිවයිනෙන් පිටව යයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයිශංකර් මහතා සිය නිල සංචාරය නිම කරමින් අද (23) සවස ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා දිවයිනෙන් පිටව ගියා.

ඒ ඔහු ඊයේ (22) මෙරටට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයෙනි.

එතුමා මෙරට රැඳී සිටි කාලය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු රජයේ ප්‍රබලයින් කිහිප දෙනෙක් හමුවී සාකච්ඡා පවත්වා තිබුණා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාට සමුදීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිට තිබෙනවා.

Previous Article Next Article