×

Search News

LATEST NEWS

ජපානයේ දී ලාංකිකයෙකු අත්අඩංගුවට

ජපානයේ ගිනිඅවි හා කුඩු පාලන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයෙකු එරට ටෝකියෝ නුවර ෂිනගාවා දුම්රිය ස්ථනය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා තියුණු ආයුධයකින් ගෙල කපා ගැනීමට උත්සහ කිරීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

එම සිදුවීම දුටු පොලිස් නිලධාරියෙකු ඔහු ඉන් වැළක්වීමට සමත්ව තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට සමත්ව ඇති බව සඳහන්.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ අතෙහි සග ගෙල ප්‍රදේශයේ තුවාල සහිතව සිහිසුන්ව සිටි ශ්‍රී ලාංකිකයා ප්‍රතිකාර යොමු කර ඇති බවත් පසුව ගිනිඅවි හා කුඩු පාලන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Previous Article Next Article