×

Search News

LATEST NEWS

මත්තලෙන් වැඩක් ගන්න ආණ්ඩුව තීන්දු කරයි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩපිළිවෙල යටතේ පෞද්ගලික සමාගම්වලට පැවරීමට යෝජනාවක් සකස් කර තිබෙනවා.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ මින් කිසිඳු ලෙසකින් හෝ මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකකරණය කිරීමට කටයුතු නොකරන බවයි.

මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කරනවා.

ඉන්පසුව ගුවන්තොටුපොළ වෙනුවෙන් අභිලාශ කැඳවීමට කටයුතු කිරීමට නියමිතයි.

තවද මත්තල ගුවන්තොටුපොළ සමඟ ව්‍යාපාර පවත්වාගෙන යාමට පෞද්ගලික සමාගම් 3ක් දැනටමත් කැමැත්ත පළකර තිබෙනවා.

අදාළ වැඩපිළිවෙල යටතේ ගුවන් යානා අලුත්වැඩියාව, පුහුණු කටයුතු සහ ඉන්ධන සැපයීම වැනි ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් ආයෝජන අවස්ථා විවිර කිරීමට අපේක්ෂා කරනවා.

Previous Article Next Article