2026 වසරේ මුල මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
ලබන වසරේ මුල් භාගයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
එම අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය පිළිබඳව නැවත සාකච්ඡා කිරීම සඳහායි.
විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය මේ වන විට අවසන්ව තිබෙනවා.
ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණා.
අදාළ රැස්වීම කල් දමනු ලැබුවේ ශ්‍රී ලංකාව කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙනි.