×

Search News

LATEST NEWS

එජාපය සහ සජබය අතර සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුව සිදුව ඇත්තේ අද (30) දවහල් කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයකදීයි.

අදාළ සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් එක්ව සිටියා.

සමඟි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා ඊට එක්ව තිබෙනවා.

තීරණාත්මක මට්ටමේ දේශපාලන සාකච්ඡාවක් නොවුණ ද පක්ෂවල පාක්ෂිකයින් හා සැලකීමේ දී අදාළ සාකච්ඡාව ඉතා වැදගත් සාකච්ඡාව බව සඳහන්.

මෙම සාකච්ඡාව පැය කිහිපයක් පුරා ඉතා සුහදව පැවැති අතර තවදුරටත් අදාළ සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යාමට දෙපාර්ශවයම එකඟතාව පළකර තිබෙනවා.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් හෙට (31) දිනයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට නියමිතයි.

Previous Article Next Article