×

Search News

LATEST NEWS

කොළඹ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහා නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබෙනවා.

මේ අනුව අයවැයට පක්ෂයට ඡන්ද 58ක් හිමිව ඇති අතර විපක්ෂ හිමිවූයේ ඡන්ද 56ක් පමණි.

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22 වනදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී එය පරාජයට පත්වුණා.

පළමු වර අයවැයට විපක්ෂ ඡන්ද 60ක් හිමි වුණා.

පක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණි.

එවැනි පසුබිමක අද (31) දිනයේ දී නැවත වරක් කොළඹ මහ නගර සභාවේ අයවැය නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අනුව කොළඹ මහ නගර සභාවේ අයවැය පිළිබඳව දෙවැනි වර ඡන්ද විමසීම පැවැති අතර එහිදී එය වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

Previous Article Next Article