×

Search News

LATEST NEWS

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල සිද්ධිය ගැන අධ්‍යාපන ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්

අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් නාලක කළුවැව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී 6 වසර මොඩියුලේ සඳහන් නොවිය යුතු කරුණයක් සම්බන්ධයෙන්.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ බාහිර පාර්ශවයක් විසින් කුමන්ත්‍රකාරී ලෙස මෙවැනි ඇතුළත් කිරීමක් සිදුකර ඇති බවට සැකකරන බවයි.

මෙවැනි කටයුත්තක් සිදු කිරීමට කටයුතු කර ඇති පුද්ගලයින් පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවද ඔහු මෙහිදී පැවසුවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළේ මෙය අවසාන මුද්‍රණය නොවන අතර මෙහි වගකීම අවසානයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුවන බවත් කිසිසේත්ම මෙම ප්‍රකාශන නීත්‍යානුකූලව සිදුවන්නේ නොමැති බවත්ය.

Previous Article Next Article