×

Search News

LATEST NEWS

ජනපති අනුර රාමඤ්ඤ සහ අමරපුර මහා නාහිමිවරු බැහැ දකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

ඊයේ දහවල් මීරිගම, මිණිඔලුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙන වෙත පැමිණි ජනාධිපතිවරයා, මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ බව වාර්තා වේ. එහිදී උන්වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා කර නව වසරේ කටයුතු සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සිය ආශිර්වාදය පළ කළා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ ද බැහැදැක නව වසරට ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ වැල්ලවත්ත පිහිටි අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා, මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ අතර, එහිදී ද සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කර ඇති බව සඳහන් වනවා.

Previous Article Next Article