×

Search News

LATEST NEWS

කතරගම දේවාලයේ රන් භාණ්ඩ සංචිතයෙන් 70%ක් විකිණීමට තීන්දු කරයි

රුහුණු කතරගම දේවාලය සතුව ආරක්‍ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්‍රන් සංචිතයේ දේව රුව සහිත රත්‍රන් හැර අනෙක් රන් භාණ්ඩ 70%ක පමණ ප්‍රතිශතයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධව බස්නායක නිලමේවරයා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

මෙම වෙන්දේසිය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධික්ෂණය යටතේ සිදු කිරීමට නියමිතයි.

ඔහු සඳහන් කරන්නේ මෑත කාලයේ බැතිමතුන් පූජා කළ රත්තරන් විනිවිදභාවයකින් යුතුව රජයට ලබාදීමට කටයුතු කරන බවයි.

Previous Article Next Article