මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහර දීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය පිළිබඳව අධිකරණයට ඉදිරිපත් කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සභාපතිවරයා අද (02) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
සැකකරු ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
සිය රාජකාරියට සභාපතිවරයා විසින් බාධා සිදුකරන බවට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකළා.
මේ අනුව පොලීසිය විසින් සැකකාර සභාපතිවරයා අද (02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.