×

Search News

LATEST NEWS

මදුරෝ සහ බිරිඳ රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කරයි

අමෙරිකානු අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මෙට්‍රොපොලිටන් හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකට ප්‍රවාහනය කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් දෙපල නිව්යෝර්ක් නුවර වෙත රැගෙන විත් ඖෂධ බලාත්මක කිරීමේ පරිපාලනය වෙත රැගෙන විත් ඇති බවයි.

අනතුරුව වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

ඔවුන් දෙදෙනා හෙට (05) දිනයේ දී නිව්යෝර්ක් හිදි මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය සහ ආයුධ චෝදනාවලට එරෙහිව අධි චෝදනා ලබා දීමට නියමිත බව සඳහන්.

Previous Article Next Article