×

Search News

LATEST NEWS

EPF හා ETF අරමුදල්වලට ඉදිරියේ දී මොනවා වෙයිද? කම්කරු ඇමතිවරයාගෙන් පැහැදිළි කිරීමක්

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සුදානම් බව පලවන වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුව එවැනි තීන්දුවක් ගෙන නොමැති බවයි.

මෙම මුදල් මහජනතාවගේ මුදල් වන බවත් ඔවුන් විශ්‍රාම බිය පසු කිසිඳු බාධාවකින් තොරව එම මුදල් ලබා ගත හැකි බවත් ඔහු පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම මුදල්වලින් 30%ක පමණ ප්‍රමාණයකින් හදිසි අවශ්‍යතාවන් සඳහා ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

තම ආණ්ඩුව කිසිඳු පුද්ගලයෙකුගේ ප්‍රතිලාභයක් කප්පාදු කිරීමට කටයුතු නොකර බවත් තව තවත් ප්‍රතිලාභ ලබා දීම උදෙසා පමණක් කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

"මහජනතාවගේ ලේ දහඩියෙන් ඉතිරි වෙච්ච මුදල ඔවුන්ගේ අවශ්‍යතාවලට තමා පාවිච්චි වෙන්නේ. ඒ වගේම අදහස් මතු වෙනවා සමාජයෙන් විශ්‍රාම වැටුපක් ලබා ගන්න පුලුවන්ද කියන කාරණාව.

විශ්‍රාම වැටුපක් අපිට ලබා ගන්න පුලුවන් නම් හොඳයි. මේ ගැන සමාජයේ කතාවක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවෙන් කිසිදු තීරණයක් අරගෙන නෑ මේ EPF එකේ තියන මුදල් විශ්‍රාම වැටුපකට හරවලා ඒ තනි දීමනාව වෙනුවට විශ්‍රාම වැටුප් ගෙවනවා කියලා"

Previous Article Next Article