×

Search News

LATEST NEWS

දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි

පවතින තත්ත්වය තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

තවද නාය යෑමේ නිවේදන අදියර 2 යටතේ මාතලේ විල්ගමුව හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

ඔහු වැඩිදුරටත් පවසන්නේ වර්ෂාවත් සමඟ නාය යාමේ ලක්ෂණ මතු විය හැකි බවත් එවැනි ලක්ෂණ දුටු වහාම එම ස්ථානයෙන් ඉවත් වීමට කටයුතු කළ යුතු බවත්ය.

''යම්කිසි ඉවත්වීමකදී ජනතාව අපි දැනුවත් කරනවා මේ ආපදා මල්ල කියලා. තමන්ට ගෙන යා හැකි අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ප්‍රමාණයක් තමන්ගේ අයිඩින්ටි කාඩ් එක හෝ වේවා, උප්පැන්න සහතික වේවා, දරුවන්ගේ අධ්‍යාපන සහතික ටිකේ හෝ වේවා, ගෙන යා හැකි ඒ ප්‍රමාණය සකසා තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.''

Previous Article Next Article