කුණාටු අවධානම ඉවතට - ධීවර කටයුතුවලට නැවත අවසර
ශ්‍රී ලංකාවේ මන්නාරම බොක්ක ප්‍රදේශයේ පැවැති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ මේ හේතුවෙන් මෙම පද්ධතිය මඟින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතින බවයි.
කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීම වළක්වාලමින් නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් ඉවත් කරන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
නිරතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල බහුදින ධීවර බෝට්ටු සහ නාවික ක්‍රියාකාරකම් වැළැක්වීම සදහා නිකුත් කරන ලද අනතුරු ඇඟවීම ද ඉවත් කර තිබෙනවා.