×

Search News

LATEST NEWS

හරිනිට එරෙහි විශ්වාසභංග යෝජනාවට අපේ සහාය නැහැ - ITAK

අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් කරමින් පවතින විශ්වාසභංග යෝජනාවට සහාය නොදැක්වීමට ඉලංගෙයි තමිළ් අරසු කච්චි පක්ෂය තීරණය කර තිබෙනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේ තම පක්ෂය අදාළ යෝජනාවට අත්සන් නොතබන බවයි.

අග්‍රාමාත්‍යවරිය එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව මේ දක්වා නිසි සාක්ෂි ඉදිරිපත් වී නොමැති වීම මෙම තීරණයට ප්‍රධාන හේතුවක් බවද ඔහු සඳහන් කළා.

මතභේදාත්මක ඉගෙනුම් මොඩියුල ඉවත් කරන බව අග්‍රාමාත්‍යවරිය මේ වන විටත් ප්‍රකාශ කර ඇති වටපිටාවක ඇයව ධූරයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීම දේශපාලන පළිගැනීමක් ලෙස තම පක්ෂය සලකන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ සම්බන්ධව එම පක්ෂ නායකත්වය සහ පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වනවා.

ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවද එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ නොකරන බවයි.

Previous Article Next Article