×

Search News

LATEST NEWS

ICCයෙන් බංග්ලාදේශ කණ්ඩායමට විකල්ප දෙකක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරඟ පැවැත්වීමේ ගැටලුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විකල්ප ස්ථාන දෙකක් යෝජනා කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් මාධ්‍ය වාර්තා කළේ මුම්බායි සහ කොල්කටා නගර වෙනුවට චෙන්නායි සහ කේරළයේ තිරුවානන්තපුරම් හී ක්‍රිඩාංගණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යෝජනා කර ඇති බවයි.

කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවස්ථා දෙකකදී තමන් සහභාගි වන ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටියා.

Previous Article Next Article