×

Search News

LATEST NEWS

විමල්ට වරෙන්තු

නීතිවිරෝධී අයුරින් රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධ අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් එහි විත්තිකරු ලෙස නම් කර තිබූ හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසිනි.

විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළා.

Previous Article Next Article