×

Search News

LATEST NEWS

ශිරන්ති රාජපක්ෂ අද FCIDයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

අද (27) පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස ඒ මහත්මියට පසුගිය සිකුරාදා දිනයේ මෙම දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති සමයේ කටයුතු කළ සමයේ සිරිලිය නම් පවත්වාගෙන ගිය ගිණුමේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සඳහන් කළා.

යහපාලන ආණ්ඩු සමයේ මෙම සිදුවීම සම්බන්ධව පළමුවරට විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

Previous Article Next Article