UPDATE - ශිරන්තිට අද FCID එන්න බෑ කියයි
පෞද්ගලික හේතුවක් මත තමන්ට අද (27) දින පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම් දී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ නීතිඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) 9ට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සිකුරාදා දිනයේ දැනුම් දී තිබුණා.
මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති සමයේ කටයුතු කළ සමයේ සිරිලිය නම් පවත්වාගෙන ගිය ගිණුමේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකර ඇති බව වනවා.
කෙසේ වෙතත් පෞද්ගලික හේතුවක් මත අද (27) දින පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණීමට නොහැකි බැවින් ඒ සඳහා සති දෙකකින් පසු දිනයක් ලබාදෙන ලෙසත්ය.