නුවරඑළියට ආණ්ඩුවෙන් කරන්න යන අලුත් දේ
නුවරඑළිය ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි ඉඩම් කොටසක් සංචාරක ආකර්ෂණය සහිත තේමා උද්‍යානයක් ක්‍රියාත්මක කිරීම සඳහා බැහැර කිරීම පිණිස ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 10 රූඩ් 03 පර්චස් 28.04ක ඉඩම් කොටස විදේශ සංචාරකයින් ආකර්ෂණය කරන විනෝද කාර්යයන් සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සුදුසු බවට නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් සඳහා යෝග්‍ය සංවර්ධන කටයුතු නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය පත් කර ඇති විශේෂ කමිටුව විසින් නිර්දේශ කර ඈති බව සඳහන්.
මේ අනුව එකී ඉඩම් කොටස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වසර 50ක කාල සීමාවට සුදුසු ආයෝජකයෙකු වෙත බැහැර කිරීමට හැකි වන පරිදි ජාත්‍යන්තර තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.