×

Search News

LATEST NEWS

විගණකාධිපති ගැටළු ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ගෙවී ගිය මාස 8කට ආසන්න කාලය තුළ ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීමට නොහැකි වීම මෙන්ම වැඩ බලන විගණකාධිපතිවරයාගේ කාලය අවසන් වීමෙන් පසු මේ දක්වා විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම හේතුවෙන් විවිධ පාර්ශව රාජ්‍ය මුල්‍ය පාලනය පිළිබඳ මත භේදයන් ඇති කිරීමට උත්සහ දරමින් ඇති බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසනවා.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ බව පෙන්වා දී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලිපියක් යොමු කරමින්.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ගෙනයනු ලබන ආර්ථික සංවර්ධන වැඩසටහන පිළිබඳව ද සෘණාත්මක මතවාද සමාජගත කිරීමට ද ඇතැම් පාර්ශව මෙම සිදුවීම යොදා ගනිමින් සිටින බවද උන්වහන්සේලා සඳහන් කරනවා.

තවද විගණකාධිපති ධූරය වැනි රාජ්‍ය මුල්‍ය පාලනයේ විනිවිද භාවය තහවුරු කිරීමේ වගකීම් සම්භාරයක් පවතින තනතුරක් සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර නිලධාරියෙකු පත් කිරීම යෝග්‍ය නොවන බව එම ලිපියෙන් ත්‍රෛනිකායික හිමිවරුන් දැනුම් දී තිබෙනවා.

තවද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කොට ඇති දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා වන ධර්මපාල ගම්මන්පිල මහතා විගණකාධිපති තනතුරු සඳහා පත් කිරීම සුදුසු බවත් එය ජනාධිපතිවරයා විසින් ගෙනයනු ලබන දේශය සමෘද්ධිමත් කිරීමේ ක්‍රියාපිළිවෙතට ද ශක්තියක් වනු ඇති බවත් උන්වහන්සේ එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Previous Article Next Article