එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට අමතක නොවන ක්‍රිකට් පාඩමක් කියා දෙයි
සත්කාරක ශ්‍රී ලංකාවට සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියේ ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27) සමත් වුණා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනසක් සමඟ තරඟයට පිවිසියා.
ඒ ප්‍රමෝද් මධුශංක වෙනුවට වනිඳු හසරංග කණ්ඩායමට කැඳවමින්.
ඒ අනුව ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 357ක් ලබා ගනු ලැබුවා.
එංගලන්ත ඉනිමේ මුල් කඩුලු 2 ලකුණු 40ක් දැවී ගියා.
කෙසේ වෙතත් කඩා වැටුණු එංගලන්ත ඉනිමට ජෝ රූට් සහ ජෙකබ් බෙතල් තෙවන කඩුල්ල වෙනුවෙන් 126ක සබඳතාවක් ගොඩනැගුවා.
ජෙකබ් බෙතල් ලකුණු 65කට දැවී යාම සමඟ එම සබඳතාව බිඳ වැටුණා.
කෙසේ වෙතත් එතැනින් නොවැතුණු ජෝ රූට නායක හැරී බෘක් සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 113කදී ලකුණු 191ක නොදැවුණු සබඳතාවක් ගොඩනැගුවා.
එහිදී ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළා.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ජෝ රූට් එක්දින දිවියේ 20 වන ශතකය ලබාගත් අතර එහිදී ඔහු නොදැවී ලකුණු 111ක් ලබා ගනු ලැබුවා.
නායක හැරී බෘක් සිය එක්දින දිවියේ මංගල ශතකය වාර්තා කළා.
එහිදී බෘක් නොදැවී ලකුණු 136ක් රැස්කළ අතර ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 9ක් ඇතුළත් වුණා.
ඒ අනුව ලකුණු 358ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 304ක් පමණි.
කලකට පසු පිතිකරණ ලැයිස්තුවේ නිසි තැන ලැබුණු පවන් රත්නායක පන්දු 115කදී ලකුණු 121ක් රැස්කළා.
ඊට හයේ පහර 1ක් සහ හතරේ පහර 12ක් ඇතුළත්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 50ක් රැස්කළ අතර ඊට හතරේ 5ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වූණා.
එංගලන්තය වෙනුවෙන් Jamie Overton, Liam Dawson, Will Jacks, Adil Rashid කඩුලු දෙක බැගින් දවා ගනු ලැබුවා.
ඒ අනුව තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ 2-1ක් ලෙස ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්වුණා.