×

Search News

LATEST NEWS

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන 11 වනදා දක්වා රිමාන්ඩ්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළා.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින මෙම නඩුව වෙනුවෙන් ඔහු අද (28) පස්වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි.

පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපතිවරයා අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.

Previous Article Next Article