×

Search News

LATEST NEWS

මාර්තු මාසයේ දී රනිල්ට නඩු දානවා - නීතිපති

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ කාලයේ දී ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගී වූ සංචාරය පෞද්ගලික සංචාරයක් බවට දැනට කරුණු අනාවරණය වී ඇති බව අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කරුණු වාර්තා කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් පැවසුවේ බ්‍රිතාන්‍යට ගොස් සටහන් කරගත් ප්‍රකාශවලින් සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කර බවයි.

මේ අනුව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද එම දෙපාර්තමේන්තුව මෙහිදී කියා සිටියා.

ඉන් රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ සංචාරය පුද්ගලික සංචාරයක් ලෙස අනාවරණය කරගෙන තිබෙනවා.

තවද හිටපු හිටපු ජනාධිපතිවරයාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මසදී නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (28) දැනුම් දෙනු ලැබුවා.

එම නඩුකාරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවූ අතර මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මේ බව අධිකරණයට දන්වා සිටියා.

අදාළ නඩුව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ලන්ඩන් සංචාරය සඳහා රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා මත විභාග වෙමින් පවතිනවා.

Previous Article Next Article