පොලිස් සේවයට නිලධාරීන් 32000ක් අඩුයි - පොලිස්පති
ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරීන් 32000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් අද වන විට රාජකාරී සිදුකරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ පොලිස් අපරාධ කොට්ඨාසයට අනියුක්ත ඇඟිලි සලකුණු නිලධාරීන්, අපරාධ විශ්ලේෂණ නිලධාරීන් හා වෝහාරික ඡායාරූප ශිල්පීන් අපරාධ විසඳීම සඳහා දක්වන දායකත්වය ඇගයීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.
මෙම වසරේ දී නිලධාරීන් 2500ක් විශ්‍රාම යෑමට නියමිත බවද මෙහිදී පොලිස්පතිවරයා පෙන්වා දුන්නා.
"තවත් නිලධාරීන් 2700ක පිරිසක් ලබන වසරේ දී විශ්‍රාම යෑමට සුදානම් වනවා. ඒ අනුව ඉදිරියේ දී නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට එක්කර ගැනීමට බලාපොරොත්තු වෙනවා."