×

Search News

LATEST NEWS

විගණකාධිපති ධූරය ගැන අවසන් තීන්දුව ලබන අඟහරුවාදා?

විගණකාධිපති ධූරය පිළිබඳව ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යෝජනාව පිළිබඳව මේ දිනවල කරුණු අධ්‍යනයක පසු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (31) මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

"විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වෙලා සාකච්ඡා කළා. ජනාධිපතිවරයා අලුත් නමක් එවලා තියෙනවා. ඒක අධ්‍යනය කරන්න සාමාජිකයින්ට යම් කාලයක් ඕනේ. ඒ නිසා අපි පෙබරවාරි මාසේ 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙන දවසෙම මේ පිළිබඳව තීන්දුවක් ගන්නවා."

මේ අතර ජනාධිපතිවරයා විසින් 5 වන වරටත් ව්‍යවස්ථාදායක සභාවට විගණකාධිපති ධූරය සඳහා පුද්ගලයෙකුගේ නමක් යෝජනා කර ඒවා තිබුණා.

ඒ අනුව අද (31) දින රැස්වී ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණ ද එය ලබන අඟහරුවාදා දින ව්‍යවස්ථාදායක සභාව රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Previous Article Next Article