×

Search News

LATEST NEWS

GMOA වෘත්තීය ක්‍රියාමාර්ග අද සිට තීව්‍ර වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කිරීමට තීරණය කර තිබෙනවා.

එම සංගමය සඳහන් කළේ අද (02) උදෑසන 8 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට පියවර ගන්නා බවයි.

මේ අනුව රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම

රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම

දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම

අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම

රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම

විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීම

ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල සේවාවන් සදහා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීම.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 26 වනදා සමස්ථ රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි මෙම අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණා.

මෙහිදී පසුගිය 26 වනදා රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට ඔවුන්ගේ ගැටලු සඳහා සාධනීය විසඳුමකට එළැඹ එය ප්‍රකාශයට පත් කිරීම සඳහා පැය 48ක කාලයක් ලබා දීමට තීරණය කළා.

කෙසේ වෙතත් එම ඉල්ලීම් සඳහා සාධනීය විසඳුම් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොසත්විම හේතුවෙන් අද (02) සිට එම වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරමින් අඛණ්ඩව නැවත ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව සඳහන්.

මේ අනුව ඊට අදාළව එම සංගමය විසින් විධායක සභාවේ හදිසි රැස්වීමක් පසුගියදා (31) පෙරවරුවේ පැවැත්වුණා.

මෙහිදී වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළා.

Previous Article Next Article