වැලිගම ප්‍රාදේශීය සභාවට අලුත් සභාපතිවරයෙක්
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ මහතා තේරී පත්ව තිබෙනවා.
ඔහු මෙලෙස තේරී පත්ව ඇත්තේ අද (02) පැවැති ඡන්ද විමසීමකදීයි.
මෙහිදී ඒ මහතාට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂ ඡන්ද 21ක් හිමි වුණා.
මේ අනුව වැඩි ඡන්ද 1කින් එම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 22 වනදා ප්‍රාදේශීය සභාවේ සභාපති නිල මැදිරිය තුළ වෙඩි තබා ඝාතනය කෙරුණා.
පසුව එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය හිස්ව පැවතුණා.