×

Search News

LATEST NEWS

කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව් දෙනෙක් සහ තවත් 6 දෙනෙක් පෙබරවාරි 9 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම පිළිබඳව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂූන් වහන්සේලා සිව්නම ඇතුළු සැකකරුවන් අද (02) අධිකරණයට රැගෙන විත් තිබුණා.

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබූ පැමිණිල්ලට අදාළව පවතින නඩුව අද (02) නැවත විභාගයට ගැනුණා.

අදාළ සිදුවීමට ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් වුණා.

Previous Article Next Article