×

Search News

LATEST NEWS

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගෙන් කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසම වෙත ඊයේ (02) පැමිණ තිබුණා.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

මෙහිදී නියෝජ්‍ය මහලේකම්වරයා වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වමින් නීතිඥ මිතුන් ඩයස් මහතා පවසා සිටියේ මෙය රජයට එරෙහිව සිදුකරනු ලබන පැමිණිල්ලක් නොවන බවයි.

දැනට වැඩ තහනමට ලක්ව සිටින තම සේවාදායකයා සමඟ පෞද්ගලික අමනාපයක් හේතුකොට ගෙන මෙම පැමිණිල්ල සිදුකරන බවද චමින්ද කුලරත්න මහතාගේ නීතිඥවරයා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කථානායකවරයාගේ දුෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැමිණිල්ල මඟින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ බවයි.

Previous Article Next Article