ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි - විගණකාධිපති ධූරය ගැනත් අද තීන්දුවක් ගනී?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව අද (03) රැස්වීමට නියමිතව තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දහවල් 12ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව සඳහන්.
මෙහිදී විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නම් සම්බන්ධව අද (03) දිනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන්.
මේ අනුව නව විගණකාධිපතිවරයෙක් තෝරා ගැනීම අද (03) දිනය තුළ සිදුවනු ඇති බව සඳහන්.
හිටපු විගණකාධිපති P C වික්‍රමරත්න මහතා විශ්‍රාම යාම සමඟ පසුගිය අප්‍රේල් මස 8 වන දින සිට විගණකාධිපති ධූරය හිස්ව පවතිනවා.
පසුව එම ධූරයේ වැඩබැලීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා පත්කෙරුණා.
ඔහුගේ වැඩ බැලීමේ කාලය ද පසුගිය දෙසැම්බර් මස 5 වනදායින් අවසන් වුණා.
දැනට හිස්ව පවතින විගණකාධිපති ධූරයට ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් යෝජනා කළද එම නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධූරය සඳහා නව නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත්ය.