×

Search News

LATEST NEWS

ශිරන්ති අද FCIDයට - නාමල් අද CIDයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03) පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අද (03) පෙරවරු 9.30ට රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටිනු ඇති.

ඇයට පසුගිය 27 වනදා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණා.

එහිදී ඇය සිය නීතිඥවරයෙක් මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණේ එදින තමාට පැමිණීමට නොහැකි හැකි බවයි.

ඒ සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙස ඇය එහිදී ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (03) දින නැවත පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

මීට පෙර ද ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින දැනුම් දී තිබුණ ද ඔහු එදින දිවයිනේ රැඳී නොසිටීම හේතුවෙන් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමට අනුව මෙම දැනුම් දීම සිදු කර ඇති බව සඳහන්.

Previous Article Next Article