අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම අද
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දීර්ඝ කාලයක් පුරා මෙම නඩුව විභාගයට ගනු ලැබුවා.
අදාළ නඩුවේ තීන්දුව මෙලෙස අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පසුගිය 13 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (11) දිනයට කල් තැබුණා.
මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව දීර්ඝ කාලයක් පුරා විභාග කෙරුණා.
2022 මැයි මස 9 වනදා පැවැති අරගල සමයේ නිට්ටඹුව ප්‍රදේශයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ අය පහරදී ඝාතනය කළ බවට 42 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙලෙස නඩු පවරා තිබුණා.