×

Search News

LATEST NEWS

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරයි

ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (11) නැවත අධිකරණයට ඉදිරිපත් කළා.

 

අදාළ පිරිස පසුගිය 9 වනදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

 

එහිදී අද (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් ගත කිරීමට නියෝග කළා.

 

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළු 10 දෙනෙක් මේ අනුව අද (11) නැවත අධිකරණයට ඉදිරිපත් කළා.

 

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ  කළමනාකරණ දෙපාර්තමේන්තු කර තිබූ පැමිණිල්ලට අනුව මෙම නඩුව ක්‍රියාත්මක වනවා.

Previous Article Next Article